Friday, September 25, 2009

සීගිරිය

සීගිරිය

ලාංකීය රාජ වංශයේ කේන්ද්‍රස්ථානයක් වූ සීගිරිය රජමාලිගාවකි.ආසියාවේ ඇති ප්‍රධානතම පුරාවිද්‍යා මධ්‍යස්ථානයකි. ක්‍රි.ව පස්වනශතවර්ශයේ සිට අපේ වංසකථාවල සීගිරිය ගැන සදහන් වේ. එහෙත් සීගිරිය හා ඒඅවට කල කැණීම්වලින් සොයාලත් බ්‍රාහ්මීය ශිලාලේඛන වලින් හා පුරාවිදයා සාදක වලින් පෙනෙන්නේසීගිරිය මෙරට ආදිම ආර්ය ජනාවාසයක් බවයි. ප්‍රධාන වශයෙන් රජමාලිගාවක් වූ සීගිරිය අලංකාර ශිලා උද්‍යානයකි.

පර්වතය පාමුල නිමැවූ ගල්කුළු,පොකුණු හා දියඅගල් වලින් මෙහි විචිත්‍රත්වය මතුවීපෙනේ.ගෘහ නිර්මාන ශිල්පීන්ගේ අපූර්වතම නිර්මානයක්සේ සැලකෙන සීගිරියබලකොටු රාජධානියක් සේද ඇතැම් පුරාවිද්‍යාඥයෝ හදුන්වා දෙති. එහෙත් මෙය ඉතිහාසයට එක්වන්නේ කාශ්‍යප රජු සීගිරිය අගනුවර බවට පත්කළ දා සිටය.සීගිරිය මුලදී දකුණින් මාපාගලින් හා විශාල ගල්පර හා ගල්කුළු වලින් වටවු මහා පර්වතයකි. නැගෙනහිරින් වැවත් ආරක්ෂක බලකොටු වලිනුත් සමන්විත වේ.


සීගිරි සිතුවම්

කාශ්‍යප රජු (ක්‍රි.ව.473-491) ආලකමන්දාවක් සදහා අවශ්‍ය සෑම කාර්යයක්ම සීගිරිය තුල නිර්මානය කර ඇති බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ මතයයි.

සීගිරිය ලෝ පතළ වුයේ මෙහි පවතින බිතුසිතුවම් නිසාය. මහා පර්වතයේ බටහිරින් පිහිටි ඇතුලට නෙරාගිය නැම්මක මෙම බිතුසිතුවම් නිර්මාණය කර ඇත. මෙම සිතුවම් වලට විෂය වස්තුව වී ඇත්තේ අප්සරාවන් හෙවත් දිව්‍යාංගනාවන්ය යන මතයක් ගොඩනැගී ඇත. එක් වකවානුවක සිගිරි පර්වතයේ බටහිර පැත්ත පුරාම විහිදී තිබිණ. සිතුවම ඇදිමට බටහිර පැත්ත තෝරා ගන්නට ඇත්තේ බාහිර උපද්‍රව වලින් ආරක්ෂා වීම සදහා යැයි ද මතයකි. සුලං වැසි ආදියෙන් බටහිර ප්‍රදේශය ආරක්ෂා වි පැවතියේය. සිගිරි ලලනා සිතුවම් ද එහි එක් අංගයක් ලෙස මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා පෙන්වා දෙයි.

පොළව මට්ටමේ සිට අඩි 600ක් තරම් වූ උස් පර්වතයේ බටහිර පැත්තේ ඇති පටු දෝනාව දිගේ සිතුවම් ඇද ඇත. දැනට ඉතිරි වී ඇති සිතුවම් ප්‍රමාණය 12කි.නමුත් පුරාවිද්‍යා මෑතකාලීන පර්යේෂණ අනුව තවත් විශාල සිතුවම් ප්‍රමාණයක් තිබුණු බවට සොයාගෙන ඇත. කැටපත් පවුරේ ඇති ගී අනුව මෙහි සිතුවම් 500ක් පමණ තිබෙන්නට ඇති බව පිළිගැනේ. එය සෙනරත් පරණවිතාන මහතාගේ අදහසකි. අප්සරාවන් දකුණු ආසියාවේ ආගමික හා රාජකීය චිත්‍ර කලාවට පොදු ලක්ෂණයකි. සිගිරි බිතුසිතුවම් වල ලලනාවන්ගේ රූ සපුව පමණක් විදහා දැක්විමට සිමා විම විශේෂ ලක්ෂණයකි.නමුත් ශිලා උද්‍යානයේ ඇති දැරණියගල ලෙන තුළ ඇද ඇති සීගිරි ලලනාවන්ටම සමාන වූ සිතුවම් සම්පුර්ණ ශරීරය ඉස්මතු වන පරිදි ඇද තිබිමද සිගිරි සිතුවම් වල විශේෂත්වයකි. සිගිරි අප්සරාවන් කාශ්‍යප රජුගේ අන්තඃපුර ලලනාවන් ලෙස ද හැදින්වේ.

බැලූ බැල්මට එන හා සමාන සිතුවම් ලෙස පියවි ඇසට පෙනුනත් සියුම්ව නිරීක්ෂණය කළහොත් චිත්‍ර එකිනෙකට වෙනස්ය. සියුම් රේඛා, පළල රේඛා, ආදියෙන් ඒවා වෙනස් වේ. සෙනරත් පරණවිතාරන මහතාගේ අදහසට අනුව සිගිරි අප්සරාවන්ගෙන් වලාකුළු හා විදුලි කෙටිම් (මේඝලතා හා විජ්ජුලතා) නිරූපනය වේ. ලාංකීය සිතුවම් කලාවේ නිර්මාණශීලීත්වය ඉහලින් පෙන්නුම් කරන මෙහි ආසියානු චිත්‍ර සම්ප්‍රදායට ආවේණික වු සම්භවය චිත්‍ර කලාවේ විශිෂ්ටත්වයේ ලක්ෂණය.

දිය අගල්

බටහිරටත් නැගෙනහිරටලත් දිය අගල් වියිදී ඇත ඒවා අද ද දියෙන් පිරී තිබේ. පවුරු පදනම් අද අපට පෙනෙන්නේ අලංකාරව හා චමත්කාරජනක භූමි නිර්මාණයේ කෙටසක් ලෙස වුවත් සෞන්දර්ය විෂය ඉක්මවු අර්ථයක් හා වැදගත්කමක් මෙහි වේ. එක් අතකින් පිටතින් එල්ලවන සතුරු උපද්‍රව වලින් ආරක්ෂාවටද අනිත් අතින් මහජනයාත් රජවාසලත් අතර ඇති සම්බන්ධතාවද පෙන්නුම් කෙරේ. පවුරු ගලින් තැනූ ආධාරක බැමි අතර පස් දමා නැවත නැවත තැළීමෙන් සාදා ඇත. දැවැන්ත ගල් කුට්ටි එක් කිරීමෙන් නිර්මාණය කර ඇත.

සිංහ පාදය හා සෝපානය

සිගිරිය නම හැදුනෙත් මේ නිසාය. දැවැන්ත සිංහයකුගේ ඉදිරි දෙපා අතරින් ඇරඹී මුවින් උඩට විහිදෙන ලෙස තැනූ මහා පියගැට පෙළ නිමවන්නේ පර්වතයේ මහා බෑවුම පෙදෙසිනි. සිංහයාගේ බාහු යුගල පමණක් පෙනෙන්ට ඇත. මෙහි ඉහළට යැමට සෝපානයක් තිබූ බවට සාධක ඇත. සිංහපාදයේ ද්වාරමණ්ඩලයේ ස්වරූපයේ පරිමාණය අනුව එය අනුමාන කල හැක.

ජල උද්‍යාන

බටහිර ඉසව්වේ කේන්ද්‍රය වූ ජල උද්‍යාන පෙත්, ජ්‍යාමිතිකව තැනුණු පොකුණු අගල් වලින්වටවූ බිම්කඩ පංතියකින් හා දෙපසට නැඹුරු වෙමින් ගලා ගිය දිය පහර හා බුබුළු නැගෙමින් පතිත වන දිය මල්වලින් ද සමන්විතය. ජල වේග පාලනය මෙහි මැනවින් යොදා ඇත. මෙහි කුඩා ජල පාලන බිසෝ කොටු හා යන්ත්‍ර ක්‍රමද යොදා ගත්තේ පියගැට පෙළ හා පෙත් මං ඹස්සේ විහිදෙන ගඩොලින් බැදි දිය බස්නා උමං ජල මාර්ග උප‍යෝගී කරගෙනය.






No comments:

Post a Comment